29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපෞරාණික භුගත නිධන් වස්තු සෙවීම සදහා අධි තාක්ෂණ ස්කෑනර් උපකරණයක් සමග...

පෞරාණික භුගත නිධන් වස්තු සෙවීම සදහා අධි තාක්ෂණ ස්කෑනර් උපකරණයක් සමග පස් දෙනකු එස්.ටී.එෆ්.දැලේ.

පෞරාණික භුගත නිධන් වස්තු සෙවීම සදහා අධි තාක්ෂණ උපයෝගී ස්කෑනර් උපකරණ රැගෙන යමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.ජී.එන්. කරුණාතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) වව්නියාව පොලිස් වසමේ වව්නියාව – ත්‍රිකුණාමලය මාර්ගයේ වව්නියාව පොදු වෙළෙඳ සංකීර්ණය අසල දී වැටලීමක් සිදුකර ඇත.
භූගත නිධන් වස්තු සෙවීම සදහා යොදා ගන්නා පොළොව අභ්‍යන්තර නිරීක්ෂණය කිරීමේ උපකරණයක් ටොයෝටා වර්ගයේ කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දොම්පේ, පුත්තලම, අංගොඩ, මල්වත්ත, මහනුවර ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 32,42,42,48,52 වයසේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි ස්කෑනර් යන්ත්‍ර‍යක්, (PROTON ELIC 240621 -, ලැප්ටොප් පරිගණකයක්,ආරෝපණ බැටරියක්, ස්කෑනරය සම්බන්ධ කිරීමේ වයර් එකක්, කැබ් රථ යක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය තවත් වැටලීම් සිදුකරමින් (27) පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් ගංජා ග්‍රෑම් හටක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව හිංසාකාරි ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු හා ගවයින් නව දෙනකු සමග අත්අඩංගුවට ගෙන ඇත. කතරගම කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් සමග යාල රක්ෂිතයට ඇතුළුවි මරණ ලැබු තිත් මුවකුගේ හිස සහිත යම් කොටස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.අම්පාර කඳවුරේ නිලධාරි පිරිසක් නාමල්ඔය වැව් ඉස්මත්තේ ප්‍රදේශයේදි බලපත්‍ර නැතිව නීතිවිරෝධි ලෙස මෙරට නිෂ්පාදිත නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කරමින් ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් රජයේ කැලෑ ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක් පමණ ප්‍රදේශයක කැලෑව කපා එළිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කැණීම්කර පටවමින් සිටි අයකු සමග ඒ සඳහා යොදාගන්නා ලැබු ට්‍රැක්ටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. ඉලුප්පුකඩවායි කඳවුරේ සහ මන්නාරම කඳවුරේ නිලධාරීන් සමග ඒකාබද්ධව බලපත්‍ර නැතිව ස්ථානයකින් වැලි කැණීම්කර පටවමින් සිටි අයකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් ඩයසැටයිල් මොෆින් හෙවත් හෙරොයින් ග්‍රෑම් 0.660ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. නුවරඑළිය කඳවුරේ නිලධාරි පිරිසක් වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් ටිපර් රථයකට වැලි කියුබ් තුනක් පමණ පටවා රජයේ වලංගු ප්‍රවාහන බලපත්‍රයක් නැතිව ප්‍රවාහනය කරමින් සිටි අයකු හා එම ටිපර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments