21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්ලකඔර සුරකින විරුවන් පරිසරය සුරැකිමට එක්වෙයි.

ලකඔර සුරකින විරුවන් පරිසරය සුරැකිමට එක්වෙයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන ප‍්‍රජාසත්කාර වැඩපිළිවල යටතේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත කොළඹ නගරය අවට ජනාකීර්ණ ප‍්‍රදේශයන් පිරිසිදු කිරිමේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් (05) පැවැත්විය.

මෙම වැඩසටහන ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් 3000 කට අධික පිරිසක් සහභාගිත්වයෙන් හා ගුවන් හමුදාව සතු ඩ්‍රෝන යානා යොදාගනිමින් ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්ගේ පුර්ණ අධික්ෂණය යටතේ සාර්ථකව ක‍්‍රියාවට නැංවූයේය.

පලමු කලාපය යටතේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, ගුණසිංහපුර නැවතුම්පොළ සහ බැස්ටියම් මාවත බස්නැවතුම්පොළ ද දෙවන කලාපය යටතේ කොටුව දුම්රිය ස්ථානය ද තෙවන කලාපය යටතේ මරදාන දුම්රිය ස්ථානය සහ බොරුල්ල පොදු සුසාන භූමිය අවට ප‍්‍රදේශයද හතරවන කලාපය යටතේ ගංගාරාම විහාරය සහ විහාරය අසල බේරවැව ප‍්‍රදේශයද, කොළඹ ගුවන් හමුදා කඳවුර අවට ප‍්‍රදේශය හා වනාතමුල්ල ගුවන් හමුදා රෝහල අවට ප‍්‍රදේශය ද කොළඹ ජාතික රෝහල් පරිශ‍්‍රය ද පිරිසිදු කිරිමෙ කටයුතු සිදු කරන ලද අතර ඩ්‍රෝන යානා යොදා ගනිමින් ජලය සහිත භූමියන් හි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම සදහා රසායනික දියරයන් ඉසිම ද මෙහිදි සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments