ගාල්ල කොට්ඨාශ අපරාධ අංශ නිලධාරීන් (07) ගාල්ල වරාය පොලිස් වසමේ නුගදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (31)ක පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් හත්සිය පනස් අටක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු නූගදූව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙක් ඒ් වගේම ඔහුගේ ස්ථීර පදිංචිය අහංගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේ බව අනාවරණයවි තිබෙනවා. විදේශ රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවයවනුලබන පුද්ගලයකුගේ මත්ද්‍රව්‍ය ගාල්ල ප්‍රදේශයේ ජාවාරම් කර තිබෙන බවට අනාවරණයවි තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාශ අපරාධ අංශ නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.