ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් දහතුනක් පරීක්ෂණ කටයුතු සඳහා නවතා තිබෙන අතර එහිදි වෙළෙඳපොළ වටිනාකම මිලියන 12 කට ආසන්න කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
මෙම පාර්සල් බ්‍රිතාන්‍යයේ සිට කොළඹ, ගම්පහ හා කළුතර ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගෙන ඇත . විවෘත කරන ලැබු පාර්සල් තුළ kush නැමැති ගංජා විශේෂය 716g සොයා ගැනීමට හැකිවි තිබේ. මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 12 කට ආසන්න බව තහවුරු කරන ලදී. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකරන ලැබු අතර ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණි. පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .