විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරික්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 350, අයිස් මත් ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් 15,180 මුදලක් සහ කේරළ ගංජා ග්‍රෑම් 32 ක් සන්තකයේ තබාගෙන සිටි ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 හා 40 පසුවන වන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර විශේෂ පොලිස් කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී (07) ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කරමින් සිටි අයකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කිරුළපන පෙලාස් ස්ථානය වෙතභාරදි ඇත. හොරණ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් සඟවා තිබු මෙරට නිෂ්පාදි මෙහෙත් කොටන ගිනි අවියක් සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා අරලගංවිල පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. දකුණ පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරී පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය හා කඩුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මදුරන්කුලිය පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කටුගස්තොට පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය , කඩු සහ තහනම් උල් පිහි ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරි කණ්ඩායමක් සමග ඒකාබද්ධව සිදුකරනු ලැබු මාර්ග බාධක රාජකාරියකදි කාර්රථයකින් පැමැණි පුද්ගලයකු සෝදිසි කිරීමේදි කේරළ ගංජා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.
එමෙන් ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීරිගම පොලිස් පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් රැඳවියකු ඇඳ සිටි යට කලිසමේ කලව ප්‍රදේශයේ සඟවාගෙන සිටි දුම්කොළ කැබැල්ලක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර දෙවන ජේලර් වරයකුට භාරදි ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් වලංගු බලපත්‍රයක් නැතිව මුද්‍රා සළකුණු නැතිව දැව ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වව්නතිව් පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. එම කඳවුරේ නිලධාරි පිරිසක් ප්‍රවාහන බලපත්‍ර නැතිව කොහොඹ දැව ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්හන සඳහා වව්නතිව් පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් තුනකදි වලංගු බලපත්‍රයක් නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වව්නතිව් පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.