පොලිස් විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කේරළ ගංජා ග්‍රෑම් දෙසීයක් සහ මත්කරල් එකසිය තිස් අටක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බුලත්සිංහල පොලිස් ස්ථනය වෙත භාරදි තිබේ.
නුවරඑළිය කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බෝගහකුඹුර පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් කින්නිරාවි රජයේ වනාන්තරයේ කල්ඉරප්ප ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් එළි පෙහෙළි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ බීට්ටු අඩවි වන කාර්යාලයට භාරදි ඇත. පුලියන්කලම කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ටිපර් රථයකින් පස් ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුව ටග වැඩිදුර විමර්ශන සඳහා ඕමන්ත පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.