ජාත්‍යාන්තර කාන්තා දිනය යෙදුණු (08) නිමිත්තෙන් NDB බැංකුව සහ සිරස මාධ්‍ය ජාලය එක්ව පවත්වනු ලැබු ‘වනිතාභිමානි 2021’ ඇගයීම උළලේ සාහිත්‍ය අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය බස්තාහිර පළාත නියෝජනය කළ සමන්ති මීරියගල්ල මහත්මිය ජයග්‍රහණය කළාය.
ඇයට උපහාර පිදීමේ උත්සවයක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්විණි. එහි සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරිණියක් ලෙස ඇය සිය දෙපාර්තමේන්තුවට ලබාදුන් කීර්තිය හා ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභපැතුම් ඒක්කීරීමත් ඇය ඇගයීමට ලක්කීරීමත් මෙහිදි සිදුකෙරිණි. මෙම උපහාර උත්සවය සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කාර්යාලයේ මාණ්ඬලික නිලධාරින් ඇතුළු සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙහිදි උත්සව සභාව ඇමතු අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කළේ ඇගේ කලා ජීවිතයට සුභපැතුම් ඒක්කරන බවයි. මෙම දෙපාර්තුමේන්තුවට මහත් කීර්තියක් අත්කර දුන් ඇයගේ ඉදිරි කලා ජීවිතයට ශක්තියක් වන බව ද ප්‍රකාශ කළේය.




ඡායාරූප- මහේෂ් ඉන්ද්‍රලාල්