21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසිංහරාජ රක්ෂිතයේ සිට ගෙන ගිය මහා පරිමාණයේ වෙනිවැල් ගැට ජාවාරමක සුලමුල එස්.ටී.එෆ්....

සිංහරාජ රක්ෂිතයේ සිට ගෙන ගිය මහා පරිමාණයේ වෙනිවැල් ගැට ජාවාරමක සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

ලෝක උරුමයක් ලෙස නම්කර ඇති සිංහරාජ රක්ෂිතයට හොර රහසේ ඇතුළු වී දුර්ලභ ඝණයේ වෙනිවැල් ගැට ශාක කැපූ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය

නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ කඳවුර අණදෙන

නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.එස්. බුලත්සිංහල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) අනුරාධපුර පොලිස් වසමේ අංක 251, දෙවන පියවර, 1 ග්‍රාමසේවා

වසමේ නව බස් නැවතුම්පල අසල දී බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට සන්තකයේ තබා ගැනීම හා අලෙවිය සඳහා කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කලවාන

ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මොහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මොහු රත්නපුර කලවාන ප්‍රදේශයෙන් සිංහරාජ රක්ෂිතයට හොර රහසේ ඇතුළු වී දුර්ලභ ඝණයේ වෙනිවැල් ගැට ශාක කපා විනාශ

කර ශාකයේ මුල් කොටස පමණක් රැගෙන විත් එම ශාක කොටස් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගැනුම් කරුවන් සදහා දීර්ඝ කාලයක් මුලුල්ලේ සිට අලෙවි කරන බවට කරුණු අණාවරණය වී තිබේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (11) හොරණ කඳවුරේ නිලධාරි පිරිසක් අගුරුවාතොට පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙහෙයුම් ඒකකය 111හි නිලධාරි කණ්ඩායමක් වැලිකඩ පොලිස් වසමේදි කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි සිදුකරනු ලබන රැඳවියන් පරීක්ෂාවකදි ගුද මාර්ගයේ සඟවාගෙන තිබු කොළපාට පොලිතින් කැබලිවල ඔතන ලැබු දුම්කොළ කැබලි කිහිපයක් සොයාගෙන තිබේ. ලාහුගල කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේදි බලපත්‍ර නැතිව රක්ෂිත හරහා ගවයින් දක්කාගෙන යමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය හා විෂ මත්පෙති ළඟ තබාගෙන සිටි හා වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ලාහුගල කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස වසමේ බලපත්‍ර නැති ජේ.සි.බි. යන්ත්‍රයක් යොදා ගනිමින් ඇල මාර්ගයක කැණීම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේදි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සඟවා තිබු යැයි සැකකෙරෙන පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් ධර්මපුරම් පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් තොගයක් සැකකරවකු නැති අත්අඩංගුවට ගෙන ඇත. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් කනගරායන්කුලම් පොලිස් වසමේ වැටලිම් දෙකක් සිදුකර බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් අයියන්කුලම් පොලිස් වසමේදි වැටලීම් දෙකක් සිදුකර ඇති අතර බලපත්‍ර නැතිව වැලි කැණිම් කර පටවමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පස්සර කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව පතල් කැණීම් කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් වැල්ලවාය පොලිස් වසමේ බලපත්‍රයක් නැතිව විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතුරම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments