හොර රහසේ මෙරටට රැගෙනආ විශාලතම කේරළ ගංජා තොගය වු රුපියල් හත්කෝටි විසිඅට ලක්ෂයකට අධික කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 560 ක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත මෙම සියලු වැටලීම් සිදුකර තිබේ.
බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) මීගමුව පොලිස් වසමේ දී මංකුලිය පාලම අසල තොටුපලේ දී වැටලීමක් සිදුකර ඇත.
රුපියල් හත්කෝටි විසිඅට ලක්ෂයකට අධික කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 560 ක් පාර්සල් 280 ක ඉතා සූක්ෂම ලෙස අසුරා නීතියේ ඇසට වැලිගසමින් බහුදින යාත්‍රාවක් මගින් ඉන්දියාවේ රාමෙිෂ්වරන් සිට මෙරටට ගෙන ආ මීගමුව ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 35 ත් 45 අතරේ වයසේ පසුවන පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
රජය විසින් තහනම් කර තිබෙන වල් නාශක හා කෘමි නාශක සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ශ්‍රි ලංකා ගුවන් හමුදා අනුරාධපුර බුද්ධි ඒකකය මගින් ලබාදෙන ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අනුුරාධපුර කදවුරේ ස්ථානාධිපති හා පොලිස් පරීක්ෂක ඩබ්. පියදාස ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) අනුරාධපුර පොලිස් වසමේ පෞද්ගලික බැංකුව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
තහනම් වල් නාශක හා කෘමි නාශක සන්තකයේ තබාගෙන වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩවූයේ ANU 71 100g ප්‍රමාණයේ ග්ලයිපොසෙට් පැකට් 548 යි ,මැලතයින් 100g ප්‍රමාණයේ පැකට් 1,800 යි,වෑන් රථයක්වේ.
අපනයනය කිරිමට රැගෙනමින් සිටි කසල තේ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී ඒ.ඩී.ඩබ්.ඩබ්.බී.එල්.ආර්. වීදයබණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) වෙලම්බොඩ පොලිස් වසමේ කඩුගන්නාව පාරේ රැකවල් පොල හංදියේ දී වැටලීමක් සිදුකර ඇත.
බලපත්‍ර නොමැතිව කසල තේ කිලෝ ග්‍රෑම් 3,346 ක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි ලීමගහකොටුව හා වෙලම්බඩ ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 47 හා 53 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙලම්බොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
දැඩි ආරක්ෂිත පක්ෂියකු වන වැහිළිහිණි කූඩු කඩා විදේශීය රටවල තරු පහේ හෝටල් වලට අධික මුදලකට අලෙවි කිරීම තැත්කල පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක යු.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) මුලතිව් පොලිස් වසමේ මුලතිව් ඕෂන් පාර්ක් හෝටලය ආසන්නයේ දී වැටලීමක් සිදුකර ඇත.
දැඩි ආරක්ෂිත පක්ෂියකු වන වැහිළිහිණි කූඩු කඩා එහි ඇති විශේෂිත මැලියම් කොටස ආහාර නිශ්පාදනය සදහා විදේශීය රටවල තරු පහේ හෝටල් වලට අධික මුදලකට අලෙවි කිරීම සදහා සන්තකයේ තබා ගැනීමේ වරදට යෝධ ඇළ, හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64 වයසේ පසුවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඒහිදි අත්අඩංගුවට ගත් මැලියමි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 595 ක්වේ.