ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL බලගැන්වූ 37 වැනි කණිෂ්ඨ සහ අන්තර්මධ්‍යම ජාතික ඔරු පැදීමේ තරඟාවලිය (12) අති සාර්ථක ලෙස නිමාවට පත්විය. පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරඟාවලියට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය 2022 මාර්තු 10 සිට 12 දක්වා රුවන්පුර දියවන්නා ඔය ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහි කණිෂ්ඨ කාණ්ඩය සඳහා පාසල් සහ ක්‍රීඩා සමාජ 12 ක්ද, අතරමැදි කාණ්ඩය සඳහා ආයතන සහ ක්‍රීඩා සමාජ 7 ක් ද එක් විය.
ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමයේ හිටපු සභාපති සහ SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමයේ වර්තමාන සභාපති දිමුත් ගුණවර්ධන මහතා ඇතුළුව එම සංගමය හා SLT-MOBITEL නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
කනිෂ්ඨ පිරිමි ශූරතාව ආනන්ද විද්‍යාලයටත්, කාන්තා ශූරතාව කාන්තා විද්‍යාලයටත් හිමි වූ අතර, අතරමැදි කාණ්ඩයේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. රාජකීය විද්‍යාලය, Asian International School (AIS) සහ Gateway College යන පාසල් වල කණ්ඩායම්ද කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් විය. අතරමැදි පිරිමි කාණ්ඩයේ මුල් ස්ථාන තුනට හිමිකම් කීමට සමත් වූයේ ගුවන් හමුදාව, නාවික හමුදාව සහ Colombo Rowing Club නියෝජනය කළ කණ්ඩායම් තුනයි.
තරගාවලියේ ප්‍රථම දිනය තුළ තරග 45 ක් පැවැත්වුණු අතර, දෙවැනි දිනයේදී තරග 31 ක් පවත්වන ලදි. ඔරු පැදීමේ ක්‍රීඩාවේ දක්ෂතා පෙන්නුම් කරන නවකයන් හඳුනා ගැනීමත්, දැනට ජාතික ක්‍රීඩා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලි සඳහා පුහුණු වීමේ අවස්ථාවක් ලබාදීමත් මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණු විය.
ඔරු පැදීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙරට තරුණ තරුණියන් තුළ ඇති උනන්දුව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. එබැවින් මෙවැනි තරවලි සඳහා අනුග්‍රාහකත්වය ලබාදීම යනු ජාත්‍යන්තර ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සිහින දකින තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරමින්, තම ආයතනික මෙහෙවරෙහි කොටසක් වන පාරිසරික සමාජයීය පාලනය (Environmental Social Governance – ESG) තවදුරටත් පුළුල් කිරීමක් බව SLT-MOBITEL විශ්වාස කරයි.




