මේ වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිපුර සිසුන් 10,000කට අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය. “සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති“ මාලාවෙහි එක් ප්‍රතිපත්තියක් ලෙස උසස් පෙළ සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදීමේ තීරණය යථාර්තයක් කරමින් එම ක්‍රියාමාර්ගය ගත් බව හෙතෙම සඳහන් කර සිටියි. ඉකුත් වසරේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතුළත් කරගත් සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාව 30,000 වන බවත්, 2019 වර්ෂයේ නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ සමත් සිසුන් 41,500ක් මෙවර ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි. ඒ අනුව, පසුගිය වසරට සාපේක්ෂව වෛද්‍ය පීඨයට වැඩිපුර සිසුන් 371ක්, ඉංජිනේරු පීඨයට සිසුන් 405ක්, නීති පීඨයට සිසුන් 126ක්, ජෛව තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණ පිඨ සඳහා සිසුන් 350 බැගින් ද, කළමනාකරණ පීඨය සඳහා සිසුන් 900ක්ද, ශාස්ත්‍ර පීඨය සඳහා සිසුන් 815ක්ද කෘෂිකර්ම, විද්‍යා ඇතුළු අනෙකුත් උපාධි පාඨමාලා සඳහා සිසුන් 6000 ක් ද මෙවර වැඩිපුර බඳවාගැනීමට නියමිතයි. නව නිර්දේශ සහ පැරණි නිර්දේශය යටතේ 2019 වසරේ උසස් පෙළ විභාගය සමත් සිසුන් විශ්වවිද්‍යාල පද්ධතියට තෝරාගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී 2011, සහ 2012 වර්ෂවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලබාදුන් නියෝග අනුව, සිසුන් දෙපිරිසටම කිසිදු අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කිරීමට පියවර ගත් බවද සභාපතිවරයා තවදුරටත් පැහැදිලි කළේය. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩයිම් ලකුණු නිකුත් කිරීමත් සමඟ, පාඨමාලා වෙනස් කිරීම්, විශ්වවිද්‍යාලය වෙනස් කිරීම ඇතුළු සිසුන්ට පැනනගින ගැටලු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත්කිරීම මෙවර විද්‍යුත් තැපෑල හරහා පමණක් සිදුකිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසීය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් www.ugc.ac.lk හෝ, සෘජුවම [email protected] යන ඊමේල් ලිපිනයෙන් හෝ සිසුන්ට අභියාචනා ඉදිරිපත්කිරීමට අවස්ථාව සලසා ඇත.
මේ වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිපුර සිසුන් 10,000කට අවස්ථාව
RELATED ARTICLES