23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්43සේනාංකය "ගොඩ එමු ගොඩ නගමු" ආගමික නායකයින් වෙත පිළිගන්වයි.

43සේනාංකය “ගොඩ එමු ගොඩ නගමු” ආගමික නායකයින් වෙත පිළිගන්වයි.

43 සේනාංකය විසින් දීපව්‍යාප්තව “ගොඩ එමු ගොඩ නගමු” ප්‍රතිපත්ති ලේඛනය පූජ්‍ය පක්ෂය වෙත පිළිගැන්වෙයි.

2022 ජනවාරි 23 දින 43 සේනාංකය විසින් පැවැත්වූ ජාතික සමුළුවේදී එළිදැක්වූ “ගොඩ එමු ගොඩ නගමු” ප්‍රතිපත්ති ලේඛනය, ජන ගත කිරීම වෙනුවෙන් වූ වැඩසටහන් මාලාවේ එක් ක්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහන 2022 මාර්තු 20 වන ඉරිදා එනම් අද දින ක්‍රියාත්මක විය. දිසා සමුළු, විද්වත් හමු, තානාපති ප්‍රජාව දැනුවත් කිරීම ආදී වැඩසටහන් පෙළක් මේ මොහොතේ 43 සේනාංකය ක්‍රියාත්මක කරමින් සිටී.

රටපුරා දිස්ත්‍රික් 16 ක, මැතිවරණ ආසන 100 ක, ආගමික ස්ථාන 300 කට අධික ප්‍රමාණයක් වෙත, 43 සේනාංකය දිස්ත්‍රික් හා ආසන මට්ටමේ නායකයින්, සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් ප්‍රතිපත්ති ලේඛනය පිළිගන්වමින්, මේ කර්තව්‍යයේ අද උදෑසන සිටම නිරත වුහ.

මෙම වැඩසටහනට දායක වෙමින්, 43 සේනාංක මුදල් ලේකම් හා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක සුමේධ රත්නායක, 43 සේනාංක උප සභාපති හා කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිශාන්ත වර්ණසිංහ, 43 සේනාංක තරුණ අංශ සම්බන්ධීකාරක හා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් අදහස් දැක්වූහ. (මෙහිදී ඔවුන් දැක්වූ අදහස් පහත ලින්ක් එක ලබා ගත හැක.)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments