26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රුපියල් මිලියන හත්දහසක් පමණ වටිනා කොකේන් කිලෝ 350 රේගු දැලේ.

රුපියල් මිලියන හත්දහසක් පමණ වටිනා කොකේන් කිලෝ 350 රේගු දැලේ.

දකුණු ඇමෙරිකාවේ පැනමා රටේ සිට බෙල්ජියම සහ සෞදි අරාබිය හරහා කොළඹ වරායට (18) පැමිණ ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා සුදානම් කර තිබුණු සැක සහිත අඩි 20 බහාලුම් 4 ක් ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයේ නිලධාරීන් පරීක්ෂා කර තිබේ.

මෙම බහාලුම් තුල අබලි යකඩ අඩංගු බවට නැව් භාණ්ඩ ලේඛනයේ සඳහන් කර තිබුණ අතර ඉන් එක් බහාලුමක් තුල තිබී කොකේන් නමැති මත් ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවා. මේ වන විට එහි ගමන් බෑග 10 ක් තුල ඇසුරුම් කොට විශාල යකඩ බඳුනක් තුල සඟවා තිබුණ කොකේන් කිලෝ 350 ක පමණ තොගයක් සොයා ගනු ලැබ තිබේ. මෙම කොකේන් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 7,000 ක් පමණ වන බව ගණන් බලා ඇත. ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. මූලික විමර්ශන අවසානයේ මෙම මත් ද්‍රව්‍ය තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments