29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය එස්.ටී.ඒෆ්. අත්අඩංගුවට.

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය එස්.ටී.ඒෆ්. අත්අඩංගුවට.

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පොලිස් පරීක්ෂක එස්.ඒ.සි. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) කුච්චවේලි පොලිස් වසමේ ඉරණකේනි, විජිත ස්ටෝර්ස් අසල කොන්ක්‍රීට් අතුරු මාර්ගයේ දී බලපත්‍ර නොමැතිව නිකුත් කිරීමේ අංක මකා ඇති පුපුරණ ද්‍රව්‍ය වෝටර්ජෙල් කරල් 20 ක් (කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 750) හා විදුලිමය නොවන ඩෙටනේටර් 25 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිකුණාමලය පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ෂොට්ගන් අවියක් හා යකඩ කඩුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.සී.පී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) බද්දෙගම පොලිස් වසමේ හාලවත්ත, ගනේගම, උතුර බද්දෙගම ප්‍රදේශයේ විදේශ රටක නිෂ්පාදිත ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් සහ යකඩ කඩුවක් සන්තකයේ තබාගෙන සිටි බද්දෙගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බද්දෙගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය තවත් වැටලිමක් සිදුකරමින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පොලිස් පරීක්ෂක ඊ.පි.ඩි.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) කුරුණැගල පොලිස් වසමේ මල්පියලි මාවත, මල්කඩුවාව, ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 02 යි, මිලි ග්‍රැම් 520 ක් හා මුදලින් රුපියල් 15,000 සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණැගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එෆ්.එම්. මධුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) වැලිකඩ පොලිස් වසමේ ඇතුල් කෝට්ටේ කාගිල්ස් ෆුඩ්සිටිය ආසන්නයේ කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 218 ක් සන්තකයේ තබාගෙන සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments