නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ ප්‍රබල පාතාල කල්ලි සාමාජික සොත්ති උපාලිගෙ පුතා ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදික සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු පැමිණ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා පහර දි මුදල් මංකොල්ලකෑමේ සිද්ධියට අදාලව (23)බොරැල්ල හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා සීසීටීවී දර්ශන සහ බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවදුරටත් තොරතුරු සොයා බැලීමේ දී මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දැනට මියගොස් සිටින සොත්ති උපාලි නමැති පුද්ගලයාගේ පුතෙකු වන බවට කරුණු අනාවරණය වී ඇත.
මහ පරිමාණයෙන් හෙරොයින් ඇතුළු විෂමත්ද්‍රවය ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එස්.පී.සී. පල්ලියගුරුගේ ඇතුළු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) කඩවත පොලිස් වසමේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 70, ජාවාරමෙන් උපයා ගන්නා මුදල් රු. 240,000 හා ඩිජිටල් තරාදියක් හා ජංගම දුරකථනයක් සමග හෙරොයින් ජාවාරම් කරමින් සිටි සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි මත්ද්‍රව්‍ය හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරි පිරිසක් නීති විරෝධි මත්ද්‍රව්‍ය වන මෙත්ඇම්පටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 172ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරීසක් කැනබීස් සැටයිවා එල් නොහොත් කේරල ගංජා , ග්‍රෑම් 250ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය කඳවුේ නිලධාරි කණ්ඩායමක් තීරුබදු රහිතව ආනයනය කරන ලැබු ව්‍යාජ දුම්වැටි අලෙවි කිරීමේදි වරද යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් නීත්‍යානුකූල බලපත්‍රයක් නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු හා ඒ සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්මික කැණීම් බලපත්‍රයක් නැතිව KOBELCO
SK 210 වර්ගයේ ස්කැවේටර් යන්ත්‍රයක් යොදාගෙන වැලි කැණීම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
