එපුවත එවෙලෙහි
සැලකල මොහොතේ
පුදුමය මා සුරතින්
ගිලිහී ගොස්
ඇගෙ හිස ඉහළින්
පුරුදු ආකහේ
වලාකුළක් වී
හෙමිහිට බරවිය…..
සන්සුන් සොබාදම
නොසන්සුන් සිතිවිලි
වසත් පැහැ ගත් වේදනාවන්
සිතේ ගැඹුරුම තැනින් පැන නැගි
නන්දනීය වූ ප්‍රමෝදයකී
ස්වයං හැඳිනුම් නිවැරදිද සැම
ඒක භාෂණයෙහි යෙදෙමි මම
ආලය….. පෘථිවිය …..ජීවිතය.