මෙරට නිෂ්පාදිත අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එල්. දිල්ශාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි තිරුක්කෝවිල් හී පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිරුක්කෝවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. මෙහෙයුම්1හි නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය්‍ර ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. මෙහෙයුම් 111හි නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.
මෙහෙයුම් 11හි නිලධාරි පිරිසක් නීති විරෝධි දුම්වැටි සහ මාවා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.
ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන ජාවාරම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. කලවංචිකුඩි කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එරාවුර් පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් නීතිවිරෝධි ගෝඩා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන වැලිපැන්න පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.වැලිකඩ බන්ධනාගාර කඳවුරේ සෝදිසි රාජකාරි නියුතු නිලධාරි පිරිසක් දුම්කොළ කැබලි 02ක් ගුද මාර්ගයේ සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යෑමට උත්සහ කළ රැඳවියෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර ජේලර්වරයකු වෙත භාරදි ඇත. හපුතලේ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමිර්ශන සඳහා මාරවිල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝදි ගෝඩා සහ පෙරීමේ උපකරණ ළඟ සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මාදම්පේ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් ගෝඩා සහ මත්පැන් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ඇලයාපත්තුව පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. වව්නියවා කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව කැබ්රථයකින් බුරුත දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා නෙළුක්කුලම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. හපුතලේ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව ඉරනු ලැබු ග්‍රාන්ඩිස් වර්ගයේ දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිමඩ අඩවි වන නිලධාරි කාර්යාලය වෙත භාරදි තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් රජයේ කැලෑවට අනවසරෙයන් ඇතුළුවි අක්කර 1/2ක ප්‍රමාණයක් එලිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ බීට්ටු අඩවි වන කාර්යාලය වෙත භාරදි ඇත. දෙනියාය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් තුනකදි බලපත්‍ර නැතිව වැලි කැණීම් කර පටවමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදී බලපත්‍ර නැතිව වැලිකැණීම් කර පටවමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කරදියාරු පොලිස් ස්ථානය වෙත භාරිදි ඇත. ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදී බලපත්‍ර නැතිව වැලි කැණීම් කර පටවමින් සිටි අයකු හා පාරුවක් ආධාරයෙන් දැදුරු ඔයේ වැලි කැණීම් කර තොටු පොළකට ගොඩබාමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලව පොලිස් ස්ථානය භාරදි තිබේ.