ඉන්දියාවේ සිරගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධානතම ගෝලයෙකු විවිධ වර්ගයේ විෂමත්ද්‍රවය රැසක් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මුලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුන ජයසුන්දර මහතාගේ උපදෙස් අනුව එම එකකය බාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ එම එකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස් .එච් පීරිස් හා පොලිස් පරික්ෂක එමි.එච්. ඒ මධුරංග ඇතුළු නිලධාරීන් කන්ඩායමක් විසින් (28) බිලුමැන්ඩල් පොලිස් වසමේ මල්ලිකා කඩේ ඉබිබාගේ වත්ත රෙඩිබානා ඇල කොළඹ 15 යන ලිපිනයේදී වැටලීමක් සිදුකර ඇත.
එහිදී දැනට ඉන්දියාවේ සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගොලයකු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වන හෙරොයින් ග්‍රැමි 13ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑමි 01ක් කේරළ ගංජා ගෑමි 22ක් PREGA TABLETS 160ක් සන්තකයේ තබාගෙන සිටි අලුත් මාවත කොළඹ 15 හි පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයකු එම මත්ද්‍රව්‍ය ජාවාරම්න් උපයාගත් රුපියල් එක්ලක්ෂ පන්දාස් දෙසීයක මුදලක් සහ මත්ද්‍රව්‍ය අලවිකිරිමට යොදාගැනුන ජංගම දුරකතන 03ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහ බිලුමැන්ඩල් පොලිස් ස්ථානයට බාරදෙන ලදී. කිඹුලා ඇලේ ගුණා නැමැත්තාට 1999වසරේ කොළඹ නගර සභා පිටියේදී පැවති මහජන රැස්වීමකදී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාරය සමිබන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබේ.
අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථානයකට ඇතුළුවි පුරාවස්තු සොයා කැනිම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් සිවි දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන් ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක කේ.ඩි. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (27) එරගම පොලිස් වසමේ 08 කණුව ඉලුච්චේන පුරාවිද්‍යාත්මක ස්ථානයක දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1845 ට අනවසරයෙන් මෙම පුරාවිද්‍යා ස්ථානයකට ඇතුළුවි පුරාවස්තු සොයා කැනිම් කටයුතු සිදු කරමින් සිටි බුත්තල, හිගුරාන, බූස්ස, අම්පාර ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 37, 38. 40, 41 වයස්වල පුද්ගලයින් සිවි දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි සුදු නූල් පන්දුවක්,.
යකඩ කූඩුවක්,යකඩ ගිරයක්,බිම්සර පහන්තිර පැකට්ටුවක්,
ලියර් වර්ගයේ හිස් හදුන්කූරු පෙට්ටියක්,
මැටි පහනක්, අඟල් 08 ක් පමණ දිග පිත්තල ත්‍රිෂූලයක්, අඩි 5 ½ ක් සහ අඩි 02 ක් පමණ දිගැති රතු පැහැති සේවා නූල් 02ක්, යූරියා සහ වෙඩි බෙහෙත් කලවම් කරන ලැබු පොලිතින් කවරයක්, හුලන් ගැසීමට භාවිතා කරනු ලබන පොම්පයක යකඩ බට කොටසක්,ලී මිට සහිත උදැල්ලක්,
යකඩ අලවංගවක්,
රොටරි හැමර් එකක්,හිල්ටි කූරු තුනක්,
යකඩ කූරුක්,
කුලුගෙඩියක්,
ත්‍රිරථයක් අත්අඩංගුවට ගෙන ඇත.
