විදෙස් රටවල සිට මහා පරිමාණයෙන් රුගෙන එන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය සහ ජාවාරම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුව ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බණ්ඩාරනායක වටරවුම අසල දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04, ග්‍රෑම් 900 ක් සහ ජංගම දුරකථන 02ක් මත්ද්‍රව්‍ය පුවාහනය සඳහා යොදාගන්නා ලද ටාටා වර්ගයේ ට්‍රක් රථයක් සමග මන්නාරම් සහ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 සහ 43 වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දෙන ලද අතර අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රැපියල් කොටි 05ට අධික වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදි මෙම අයිස් මත්ද්‍රව්‍ය බහුදින යාත්‍ර මගින් විදෙස් රටවල සිට මෙරට රැගෙනගෙන මන්නාරම් වෙරළ තීරයට රුගෙන ආ පසු
රථවාහන මගින් කොළඹ සහ අවට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ගැනුම් කරුවන් වෙත බෙදාහරින බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.