25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ඩොලර් බිලියන 19ක් නීති විරෝධිව රටින් පිටතට ‌ගොස් තිබෙනවා. පා.ම. පාඨලි චම්පික...

ඩොලර් බිලියන 19ක් නීති විරෝධිව රටින් පිටතට ‌ගොස් තිබෙනවා. පා.ම. පාඨලි චම්පික රණවක.

රාජපක්ෂ පාලන සමයේ ඩොලර් බිලියන 19ක් රටින් පිටතට නීති විරෝධීව ගමන් කොට ඇතැයි Illicit Financial Flows to and from Developing Countries: 2005-2014 නම් වාර්තාව මගින් හෙළිදරව් කොට ඇතැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
(30) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
” අද පැය දහයක් ඒකොළහක් විදුලිය කැපෙනවා. අද මේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ නැහැ. අත්‍යවශ්‍ය ආහාර නැහැ. ගෑස් නැහැ. තෙල් නැහැ. ඒ වගේම විදුලි කප්පාදුව වෙනවා. මම මේ බව 2021 ඔක්තෝබර් මාසේ කිව්වේ මෙවැනි තත්වයක් ලංකාවේ ඇති වෙනවා කියලා. දැන් ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත වෙමින් තියෙන්නේ. අපි කියන දේවල් ඇත්ත වුන එක ගැන අපිට කිසිම සතුටක් නැහැ. මේ විදිහට පාලනයකින් තොරව ගියොත් අප්‍රේල් 15 වෙනිදා වෙනකොට සම්පූර්ණ විදුලිබල පද්ධතිය ඇණ හිටිනවා. විසි හතර පැයම ලයිට් නැති රටක් එනවා. ඒකට හේතුව මොකක්ද කියලා බලන්න මෙන්න මේක කියවන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ Illicit Financial Flows to and from Developing Countries: 2005-2014 මේ තමයි රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා පාලනය. මේ වාර්තාවේ තියෙනවා ඩොලර් බිලියන 19 ක් ලංකාවෙන් විදේශ රටවල් වලට නීති විරෝධීව ගමන් කරපු ආකාරය. විශේෂයෙන්ම 2010 සිට. ලංකාවේ 2015 සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 24 යි. 2005 සිට 2014 දක්වා නීති විරෝධීව රටෙන් එළියට ගිය ප්‍රමාණය ඩොලර් බිලියන 19 යි. මේ තමයි මේ රටෙන් මංකොල්ල කාපු ධනය. මේ මංකොල්ල කාපු ධනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපිට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ. අද අපේ රටේ ජනතාවට දහදුක් විඳින්න වෙලා තියෙන්නේ (ලක්ෂ 220කට) තනි පවුලක පාලනයක් විසින් ගෙන ගිය මේ ජාතික මංකොල්ලය නිසා. ඒ නිසා ලයිට් නැතුව, තෙල් නැතුව, ගෑස් නැතුව, බෙහෙත් නැතුව දුක් විඳින ජනතාවට, අපි බොහෝ ම පැහැදිලිව කියනවා. මෙහි සම්පූර්ණ වගඋත්තරකරුවෝ අවුරුදු 74 ක කට්ටිය නෙවෙයි. තනිකරම මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් යුතු මේ රාජපක්ෂ පවුල. ඔවුන් සියලු දෙනාම, වෙන් වෙන් වශයෙනුත්, සමස්තයක් වශයෙනුත්, මේ අපරාධයට වගකිව යුතුයි. අද ඔවුන් තමන් මේ කොල්ල කන ධනයෙන් කෝටි ගණන් වියදම් කරලා වටිනා චිත්‍ර ගන්නවා. ලක්ෂ ගණන් වටිනා බිලාලයින්, පූසන් ගන්නවා. ලක්ෂ ගණන් දස ලක්ෂ ගණන් වටිනා බල්ලන් ඇති කරනවා. කෝටි ගණන් වටිනා මාලිගා වල ජීවත් වෙනවා. මේ අය තමයි අද මේ රට මෙතෙන්ට පත් කිරීම සඳහා මුල් වුනු කණ්ඩායම. ඒ නිසා මේ සම්බන්ධයෙන් අද මේ රටේ ජනතාව ක්‍රියාත්මක විය යුතුයි. තවත් ඔබේ දරුවන්ගේ මේ රට කොල්ල කන්න මේ සාපලත් පවුලට ඉඩ දෙන්න එපා කියන ආයාචනය අපි මේ රටේ ජනතාවගෙන් කරනවා. අපට එරෙහිව නගන මේ චෝදනා, මේ ක්‍රියාදාම අපි සළකන්නේ අපට පළඳවන මල් මාලා හැටියටයි. මොකද මේ සාපලත් පවුල හෙළිදරව් කිරීමට අපි දශකයකට අධික කාලයක් තිස්සේ කරන ලද අනවරත අරගලය අපි දිගටම ඉදිරියටම ගෙනයන බව ප්‍රකාශ කරන්න ඕනේ.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments