26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOP‘බොරළුගොඩ සිංහයා’ ලෙසින් විරුදාවලි ලැබු ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 50 වෙනි ගුණ...

‘බොරළුගොඩ සිංහයා’ ලෙසින් විරුදාවලි ලැබු ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 50 වෙනි ගුණ සැමරුම.

නිදහස් ශ‍්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා අධිරාජ්‍ය විරෝධී ජාතික සටනට උර දෙමින් ලංකා සමාජවාදී ව්‍යාපාරය බිහි කළ, ‘බොරළුගොඩ සිංහයා’ ලෙසින් විරුදාවලි ලද ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 50 වෙනි ගුණ සැමරුම (29) කොළඹ 07, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විය.

අධිරාජ්‍යවාදී පොපි මල් ව්‍යාපාරයට එරෙහි ව බිහි කළ සූරිය මල් ව්‍යාපාරය හරහා සමාජවාදී දැක්ම ඔස්සේ සමාජ ප‍්‍රගමනය අපේක්ෂා කළ පිලිප් ගුණවර්ධනයන් කුඹුරු පනත හඳුන්වා දෙමින් දස අවුරුදු කෘෂිකාර්මික සැලැස්මට අනුව සමුපකාර සංවර්ධන බැංකු පිහිටුවා ගොවීන්ට ණය ආධාර සපයමින් කෘෂි ආර්ථිකය ගොඩනැංවීමට කැපවීමෙන් ක‍්‍රියා කළ අතර වරාය ජනසතු කිරීම, බස් ජනසතුව වැනි ඓතිහාසික තීන්දු ක‍්‍රියාවට නංවමින් ද ජනතා ශුභ සිද්ධියට ඉමහත් සේවාවක් සිදු කර ඇති අතර එවක ලංකා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ හා ලංකා පාර්ලිමේන්තුවේ ක‍්‍රියාකාරී මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරමින් ප‍්‍රධාන අමාත්‍යධූර කිහිපයක් ම හොබවා ඇත.
මෙම ගුණ සැමරුම් උත්සව සභාවේ මුලසුන අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් විසින් හොබවන ලද අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ සංඝයා වහන්සේ ද මේ අවස්ථාවට වැඩම කර සිටියහ. මෙහි ප‍්‍රධාන දේශනය මහාචාර්ය ගාමිණී සමරනායක මහතා විසින් පවත්වන ලද අතර ඉංජිනේරු ඇන්ටන් නානායක්කාර මහතාගේ විශේෂ දෙසුමක් ද පැවැතිවිණි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, නිමල් සිරිපාල ද සිල්වා, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත යන ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මෙන් ම යදාමිණි ගුණවර්ධන, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා තානාපතිවරුන් ඇතුළු විවිධ විද්වතුන් සහ පවුලේ ඥාතීන් ද එක් ව සිටි මෙම ගුණානුස්මරණ උත්සවය, පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමය විසින් සංවිධානය කර තිබුණි. පිලිප් ගුණවර්ධනයන්ගේ පිළිරුවට ඔහුගේ මිණිපිරිය සංඛපාලී ගුණවර්ධන විසින් මල් දාමයක් පළඳවමින් පුෂ්පෝහාර දැක්වීම ද මෙහි දී සිදු විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments