29.8 C
Sri Lanka
Thursday, August 14, 2025
Homeදේශීය පුවත්police newsඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ 750ක්.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ 750ක්.

ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (30) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

මෙම ජිප් රථ ලබාදීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර අගෝස්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද, සැප්තැම්බර් මස අවසානයට පෙර ජිප් රථ 250ක් සහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද ලබාදීම මෙම ගිවිසුම අනුව සිදුවේ. මෙහි මුළු වටිනාකම බිලියන බිලියන 2.5 කි.
මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා ත්‍රීවිල් රථ 2000 ක්, ජපන් ආධාර යටතේ ජිප් රථ ඇතුළු වාහන 72ක් සහ යතුරුපැදි 150 ක් ලබා දී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා සහ මහේන්ද්‍රා සහ මහේන්ද්‍ර ආයතනයේ උප සභාපති හා ප්‍රධානී ජොයිඩීප් මොයිට්‍රා (Joydeep Moitra) යන මහත්තුරු ගිවිසුම් අත්සන් කර හුවමාරු කරගන්නා ලදී. මේ අවස්ථාව සඳහා මහජන ආරක්ෂක ඇමත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments