23.7 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ නිවේදනය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ නිවේදනය.

අප රට බරපතල අර්බුදයකට මුහුණදී සිටින බව අපි දනිමු. මේ දක්වා බලයට පත්වු සියලු රජයන් වත්මන් තත්ත්වයට විවිධ මට්ටමින් වගකිව යුතුය. එබැවින් වත්මන් රජය මෙන්ම විපක්ෂයේ සහ හවුල්කාර පාර්ශව කරුවන්ද අනුගමනය කළ යුත්තේ ගැටුම්කාරි හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් නොව සමාදනමය ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශ කරයි.

එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් තව දුරටත් මෙසේද කරුණු දන්වා සිටියි. පොදු යහපත උදෙසා කටයුතු කරනු ඇතැයි විශ්වාස කොට තමන්ව තෝරාගත් මිනිස්සුන් හට විධායකය සහ ව්‍යවස්ථාදායකය වගකිව යුතුය. වගවිය යුතුය. විනිවිද භාවයෙන් යුක්තවිය යුතුය. එබැවින් දේශපාලන අවශ්‍යතා මත නොව ප්‍රතිපත්ති ගරුකව ක්‍රියාකරමින් රට පෙරට තබා සියලු පුරවැසියන්ට සේවය කිරීමට පාලකයෝ බැඳි සිටිති ඔවුන් තම දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා එකට එක්වි කල්පවත්නා ජාතික ප්‍රතිපත්ති සැකසීමට අවශ්‍ය යහපාලනය සඳහාවන සදාචාරාත්මක මූලධාර්ම සොයා යා යුතුය.

නූපන් දරුවාගේ පටන් මරණ මංචකයේ සිටින්නා දක්වා වන සියලු මිනිසුන්ගේ දුක්වේදනාවන්ට සංවේදි ලෙස අපි අදාල සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමු. ඔවුන් අනවශ්‍ය අධිකතර වියදම් සහ අමතර පිරිවැය ඉවත්කර අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය,ඖෂධ, ගෘහස්ථ සහ කාර්මික ගෑස්, ඉන්ධන, විදුලිය, කඩදාසි සහ සිමෙන්ති යනාදිය සපයාදිය යුතුය. අපි සියලු පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ අරුත්සුන් වහසි බස් නොදොඩා සත්‍යවාදී වන ලෙසත්, කුමන ක්ෂේත්‍රයක වුවද විශේෂඥ උපදෙස් ලබාගැනීමට තරම් යථාර්තවාදි වන ලෙසත්, තවදුරටත් ප්‍රමාද නොවි අනෙක් රටවලින් සහ අත්දැකීම්වලින් ඉගෙන ගෙන හොඳම භාවිතයන් අනුගමනය කරන ලෙසත්ය. අසාර්ථක රාජ්‍යයක් කරා යන රට ප්‍රපාතයට වේගයෙන් ළඟා වෙමින් පවතින අතර එම තත්ත්වයට පත්වු විට එය ජනතාව මත වෙනස් කළ නොහැකි පීඩාවන් ඇති කරනු ඇත.

මූල්‍යමය දුෂ්කරතාවන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නන් හට උපකාර කිරීම සඳහා ක්‍රියාකාරකම් සංවිධාන කරන ලෙස අපි අපගේ සියලු කතෝලික ආයතන,මීසම, ධර්මදූත සේවාවන්, සහ අනෙකුත් පෞද්ගලික ආයතන මෙන්ම යහපත් සිත් ඇති සියලු කාන්තාවන් සහ පුරුෂයින් දිරිමත් කරමු.

රටට අවශ්‍ය වන්නේ මෙම තීරණාත්මක තත්ත්වයට පිළියම් යෙදීම සඳහා වන කඩිනම් විසඳුමක් සහ තිරසාර සංවර්ධනයේ ශක්තිමත් පදනමක් මත රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගුකාලීන විසඳුම් සොයා යෑමයි. එලෙස අනාගත පරම්පරාවට ගෞරවාන්විතව ද මේ මගේ මාතෘභූමිය යන හැඟීමෙන් යුතුවද දිවි ගෙවීමට, හැකි ආරක්ෂිත සහ නිදහස් දේශයක් සහතික කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments