25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ආණ්ඩුව සිය ගජමිතුරන්ගේ බඩ කට පුරවන හැටි විපක්ෂ නායක සජිත් හිරියාලේදී හෙළිකරයි.

ආණ්ඩුව සිය ගජමිතුරන්ගේ බඩ කට පුරවන හැටි විපක්ෂ නායක සජිත් හිරියාලේදී හෙළිකරයි.

ආණ්ඩුව පටන් ගෙන ඇති අලුත්ම සෙල්ලම වන්නේ වැඩ ලක්ෂයේ සෙල්ලම බවත්, ඒ හරහා ගම් නියම් ගම් ගොඩනඟන බවට ආණ්ඩුව පුරසාරම් දොඩවන බවත්, එහෙත් ඇත්ත වශයෙන්ම මෙය ආණ්ඩුවේ හෙන්චයියන්ට සහ ගෝලබාලයින්ට, තමන්ගේ ගජමිතුරන්ට කොමිස් ගහන්නට පුළුවන් ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අයවැයෙන් මුදල් වෙන් කොට නැති වැඩ ලක්ෂයට මුදල් සොයා ගන්නට උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවගේ අර්ථසාධකය මංකොල්ල කමින් බවත් ඒ මහතා පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව ප්‍රකාශ කළේ අද (12) පස්වරුවේ හිරියාල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

රටේ තිබෙන ලොකුම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල මහ දවල් මංකොල්ලකා ආණ්ඩුව ඔවුන්ගේ දේශපාලන ගෝල බාලයන්ට කොමිස් ගැසීමේ මෙහෙයුමක් ආණ්ඩුව ආරම්භ කොට ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

ගොවියා කබලෙන් ලිපට ඇද දමන තීන්දුවක් ගෙන ඉන් අනතුරුව ආණ්ඩුව ගොවීන් ගැන කියන කතා හාස්‍යජනක බව පැවසූ විපක්ෂ නායකතුමා, පොහොර දුන්නත් නැතත් ගොවීන්ගේ ජීවිත 100% කින් ඉහළ නංවන බව පවසන්නේ කුමන පදනමකින් දැයි ආණ්ඩුව පිළිතුරු දියයුතු යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments