26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මට්ටක්කුලිය නිවාස සංකීර්ණයක 14 දෙනෙකුටත් වෛරසය ආසාදනය වෙයි

මට්ටක්කුලිය නිවාස සංකීර්ණයක 14 දෙනෙකුටත් වෛරසය ආසාදනය වෙයි

බොරැල්ල පොලිසියේ නිලධාරින් 41 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ වන විට එම බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් 59 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇත.

මේ අතර මට්ටක්කුලිය මුවදොර උයන නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇති අතර  වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද තහවුරු කර සිටියේ පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයට සහභාගීවූ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ වන විට පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් 04 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments