26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්2022 ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්විිය.

2022 ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්විිය.

එය 94 වැනි වරටයි.

සම්මාන උළලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ, ‘කෝඩා’ චිත්‍රපටයයි.

බිහිරි පවුලක උපන් ශ්‍රවණාබාධිත නොවන දැරියන් පිළිබඳ කතා පුවතක් රැගත් හද උණුසුම් කරන චිත්‍රපටයක් ලෙස’කෝඩා’ හැඳින්වේ.

සම්මාන උළෙලේදි හොඳම සජීවිකරණ චිත්‍රපටය ලෙස ‘එන්කැන්ටෝ ‘ චිත්‍රපටය සම්මාන දිනා ගත්තේ ය.

‘එන්කැන්ටෝ ‘ ඩිස්නි සමාගමේ නිර්මාණයකි.

ඔස්කාර් සම්මාන උලේලේදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබු‍වේ, ද අයිස් ඔෆ් ටැමී ෆෙයි (The Eyes of Tammy Faye) චිත්‍රපටය වෙනුවෙන් අමෙරිකානු ජාතික ජෙසිකා චැස්ටන් ය.

විල් ස්මිත් හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබී ය.

වසරේ හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනාගත්තේ, අමෙරිකානු ජාතික ට්‍රෝයි කොට්සූර් ය.

අමෙරිකානු ජාතික අරියානා ඩිබෝස් සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

වසරේ හොඳම කැමරාකරණය වෙනුවෙන් ‘ඩියුන්’ චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළේලේදී සම්මානයට පාත්‍ර විය.

මෙවර සම්මාන උළෙලේ කැපී පෙනෙන සිද්ධියක් වුයේ, ජනප්‍රිය නළු විල් ස්මිත් විසින් ඔස්කාර් වේදිකාව මතට පැමිණ ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීමේ සිද්ධියයි.

සිය බිරිඳ සම්බන්ධයෙන් ක්‍රිස් රොක් කළ ප්‍රකාශයකට උරණ වු විල් ස්මිත් වේදිකාවට පැමිණ එලෙස පහර දුන්නේ ය.

කෙසේ වෙතත්, හොඳම නළුවාට හිමි සම්මානය ලැබීමෙන් අනතුරුව සම්මාන රාත්‍රීය අමතමින්, ස්මිත් සමාව ඉල්ලා සිටියේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments