මිරිහාන පොලිස් වසමේ ඉකුත් (31) පරණ කොට්ටාව පාරේ පැඟිරිවත්ත පාර මංසන්දියේදි කලහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපලවලට අලාභ හානි සිදුකර ඒ් අසලවු බස්රථවලට සහ වෙනත් වාහන වලට ගිනි තබා අනර්ථයන් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
එම සිදුවීම වන අවස්ථාවේ බස්රථ දෙකකට ගිනි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
එම අවස්ථාවේ ලබා ගත් වීඩියෝ දර්ශන වලින් උපුටාගත් ඡායාරූප දෙකක් මේ සමග ඔබ වෙත එවනු ලබන අතර මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක- 0718591755(විමර්ශන භාර පොලිස් අධිකාරි), 0718594929( ස්ථානාධිපති , ඩිජිටල් වෝහාරික අංශය), 0112444265(අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව).