මේ ආණ්ඩුව රටට කොඩිවිනයක්. මුලින්ම උදුරා ඉවත් කළ යුතුයි. විපක්ෂ නායක සජිත් කියයි.
ආණ්ඩුව රටට කොඩිවිනයක් බවත්, රාජ්‍ය ත්‍රස්තවාදය ජන බලයට යටත් බව ඕනෑම පාලකයෙක් අවබෝධ අවබෝධකරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතාවගේ අපේක්ෂාවන් සුනුවිසුනු කළ ආණ්ඩුව එක මොහොතක් හෝ රඳවා ගැනීමට මේ රටේ ජනතාව සූදානම් නැති බව පැවසූ විපක්ෂ නායක ජනසම්මතවාදය නාමයෙන් එය පෙරළා දමන බවත් ජනතා අපේක්ෂාවන් සපල කිරීම වෙනුවෙන් එකහෙළා පෙනී සිටින බවද පැවසීය.
මේ ආණ්ඩුව විසින් රටේ ජනතාව කනත්ත කරා තල්ලු කරගෙන යමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මිලේච්ඡ ආණ්ඩුව සහමුලින්ම ගලවා විසි කළ යුතු බවද පැවසීය.
ජන විරෝධී ආණ්ඩුව විසින් සිදුකරන දුර්දාන්ත අන්තනෝමතික ක්‍රියාවලියට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක මන්ත්‍රීවරු නිදහස් චතුරශ්‍රය අභියස (03) පැවැත්වීමට සූදානම් කොට තිබූ සාමකාමී විරෝධතාවයට පොලීසියෙන් දැඩි බාධා එල්ල විය.
නිදහස් චතුරස්‍රයට ප්‍රවිෂ්ට වන සියලු මාර්ග අවහිර වන පරිදි මාර්ග බාධක සහ දැඩි මුරකාවල් යොදා තිබූ අතර එහිදී විපක්ෂ නායක තුමා ඇතුළු මන්ත්‍රීවරු සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.