21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තාක්ෂණීක කමිටුවලට ලබාදෙන දායකත්වයෙන් ඉවත්වෙන්න සූදානමක

වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තාක්ෂණීක කමිටුවලට ලබාදෙන දායකත්වයෙන් ඉවත්වෙන්න සූදානමක

අපි ලබාදෙන තීන්දු තීරණය නිසි ලෙස තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණීක කමිටුවලට ලබාදෙන  සක්‍රීය දායකත්වයෙන් ඉවත්වෙනවා. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය  හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අලුත්ගේ මහතා මෙසේද කීය........
කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය ආසාදිතවන රෝගීන් පිළිබඳ සිතියමක් ගොඩනගන්නේ නැත්තේ ඇයි?  අපි මේ ගැන මාසයක් තිස්සේ කියනවා. එහිදි අපිට බලන්න හැකිවෙනවා වැඩි අවධානය තියෙන්නේ කොයි දිස්ත්‍රික්කයේද,පළාතේද, ග්‍රමානිලධාරි වසමේද කියා බලන්න හැකි වෙනවා. එහිද අරගෙන තිබෙන තීන්දු තීරණ මොනවාද කියා නිරීක්ෂණය කරන්න හැකිවෙනවා. හුදකලා කරන්න ඕන ප්‍රදේශ ගැන තීරණය වෙන්නේ මෙම සිතියම යාවත්කාලීන වුණොත් පමණයි. ඒ ක්‍රමය තමයි හොඳම විදිය. එම ක්‍රමය ගැන අපි මාසයක් තිස්සේ කියනවා. සිදුවන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ ක්‍රියාවලිය මේ සතිය තුල අවසන් විය යුතුයි. 

 එසේ නොවුණොත් ඊයේ දවස තුලා අපි විධායක සභාව රැස්වි මේ පිළිබඳ කතා කළා එහිදි අපි තීරණය කළා මේ ක්‍රියාවලිය තවදුරටත් සිදුවෙන්නේ නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හැටියට සෞඛ්‍ය අමත්‍යාංශයේ තිබෙන මේ තාක්ෂණික කමිටුවලට සක්‍රීය ලෙස  ලබාදෙන දායකත්වයෙන් ඉවත්වෙන්න. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments