26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ජයසූරියට ICC විසින් පනවා තිබූ වසර දෙකක තහනම අදින් අවසන්

ජයසූරියට ICC විසින් පනවා තිබූ වසර දෙකක තහනම අදින් අවසන්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරියට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ වසර දෙකක තහනම අද(04) අවසන් වුණා. ඒ පිළිබදව එම කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් විසින් නිල වශයෙන් තමන්ට දැනුම් දුන් බව සනත් ජයසූරිය ප‍්‍රකාශ කියා සිටියි. 

2018 වසරේදී සනත් ජයසූරියට මෙලෙස වසර 2ක තහනමක් පනවා තිබුණේ ඔහු ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකය සිදු කරන පරික්ෂණයකට සහාය නොදැක්වීම හේතුවෙන්. 

ඒ අනුව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී නිති දෙකක් උල්ලංගණය කිරීම චෝදනා මත ඔහුට මෙම තහනම පනවනු ලැබුවා. ඔහුට වසර දෙකක කාලයක් කිසිදු ක‍්‍රිකට් කටයුත්තක් සදහා එක්වීම තහනම් කරමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මෙම තහනම පනවා තිබූ අතර ඒ අනුව එම තහනම අදින් අවසන් වුණා.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments