හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක් පමණ සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 25 ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 06 දෙනෙකු දකුණු මුදුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රාජ්‍ය බුද්ධි සේවය , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකිනි.
අදාළ හෙරොයින් සහ සැකකරුවන් ගොඩ බිමට රැගෙන එමින් ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ ය.