පෙරඹර
රට දිනවන ප්‍රතිපත්තිමය අරගලයට මග
සිංහල අවුරුදු සමය උදාවී ඇත. කොහාගේ නාදය වෙනුවට උද්ඝෝෂකයින්ගේ හඩ ඉස්මතු වි ඇත. සෞභාග්‍යය වෙනුවට තෙල් හිහය ගෑස් හිගය හා විදුලි කප්පාදුව මෙන්ම ජිවන වියදම දරාගත නොහැකි මට්ටමට පත් වී ඇත. ජනතාව අන්කවරදාකටත් වඩා පාලකයින්ට එරෙහිව වීදි බැස ඇත. අර්බුදයේ වගකීම පාලකයින් විසින් භාරගෙන ගෙදර යා යුතු බව කියමින් සිටි. මේ සියලුම සටන් පාඨ සර්ව සාධාරණය වගකිමක් නැති, රට මේ තත්ත්වයට ඇද දැමූ පාලකයින් ගෙදරය යැවිය යුතුව ඇත. එපමණක් නොව රට මේ තත්ත්වය ඇද දැමීම වෙනුවෙන් ඔවුන් වගකිව යුතුය. එම විනාශයේ වන්දිය ඔවුන්ගෙන් අය කර ගත යුතුය. ඒ සදහා ක්‍රමවේදයක් තිබිය යුතුය. සියල්ල එසේ සිදුවෙද්දි රට අරාජික වීමටද ඉඩදිය නොහැක. මන්දයත් පාලකයින්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ රට අරාජික කොට එහි වගකීමත් ජනතාව මත පැටවීමය. එසේ වූවහොත් ජනතා අරගලය වැරදි දිසාවකට යොමු කෙරෙනු ඇත. එබැවින් ජනතා අරගලය දූෂිත පාලකයින් එලවා දැමීමට මෙන්ම නිවැරදි වැඩ පිලිවෙලක් හරහා, ආර්ථික හා සමාජිය ස්ථාවරය ඇති කිරිම සදහා යොමු කර ගත යුතුය. ඒ සදහා වන විකල්ප වැඩ පිලිවෙල ඉදිරිපත් කිරිම තුලින් අරගලයට සමස්ථ රටේ ජනතා සහය ලබා ගත හැකි වනු අතර එය රටේ ජයග්‍රහණය සදහා වන ගමනේ අඩිතාලම වනු ඇත.
එසේ නොවුනහොත් දූෂිත පාලකයින් ජනතා අරගලය තම වාසියට හරවා ගනිමින් මර්ධනය දියත් කිරිම සදහාත් රට තවදුරටත් ජාතික හා ජාත්‍යන්තර ඒජන්තයන්ට අවශ්‍ය පරිදි හැසිරවීමටත් යොදා ගනු ඇත. එම නිසා ප්‍රචන්ඩත්වයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුල මෙම පාලකයින් ඉවත් කිරිමටත් ප්‍රතිපත්තිගරුක වැඩ පිලිවෙලක් හරහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන්ද සහිතව රට ගෙන යන වැඩ පිලිවෙලක් නිර්මාණය කර ගැනීමද මෙම අරගලයේ අවසාන අරමුණ විය යුතුය.
අද වන විට රටට ඇමති මණ්ඩලයක් නොමැත. එමෙන්ම ඇමතිවරු කිහිප දෙනෙක් පමණක් පත් කර තිබුණද, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන සෞඛ්‍ය සදහා මෙන්ම උගත් පරපුරක් බිහි කිරීම සදහා වන අධ්‍යාපනය සදහා ඇමතිවරයෙක් පත් කර නැත. ඒ වෙනුවට මහාමාර්ග සදහා ඇමතිවරයෙක් පත් කර ඇත. මේ හරහා පාලකයින්ගේ පවතින අරගලය මෙන්ම අර්බුදය කෙරෙහි ඇති සංවේදීතාවය පැහැදිලි ය. ඔවුන් සුපුරුදු පරිදි තමන්ගේ කල් මැරීමේ න්‍යාය හා දූෂිත ගනුදෙනු පවත්වාගෙන යාමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් සීටි. එවැනි තත්ත්වයක් තුලදී රටට ස්ථාවර වැඩ පිලිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් අරගලයේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම අපහසු වනු ඇත.
ඕනෑම අර්බුදයක් විසදන ක්‍රමවේදයක් ඇත. පළමුව අර්බුදය කුමක්ද යන්න හරි හැටි හදුනාගත යුතුය. දෙවනුව අර්බුදය ඇතිවිමට හේතුව පැහැදිලි කරගත යුතුය. ඉන්පසු අර්බුදයට හේතු වූ කාරණය නැති කිරිමට සූදානම් විය යුතුය. එම හේතු නැති කිරිමට ක්‍රමවේදයක් හා වැඩ පිලිවෙලක් තිබිය යුතුය. මේ මොහොත වන විට රටේ සමස්ත ජනතාව ජාති ආගම් කුල පක්ෂ භේදයකින් තොරව අරගලයට ආශිර්වාද කරමින් සිටී. එනම් මුලු රටම රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හොදින් වටහාගෙන ඇත. එමෙන්ම එම අර්බුදයට හේතුව දූෂිත පාලකයින් හා දූෂිත වූ පද්ධතිය (System) යන්න වටහා ගෙන ඇති අතර එම හේතු නැති කිරීම සදහා දූෂිත පාලකයින් ඉවත් කිරිමත් රාජ්‍ය යාන්ත්‍රන වල පද්ධති වෙනසක් (System Change) අවශ්‍ය බවද අවබෝධ කරගෙන ඇති බව පෙනෙන්නට ඇත. නමුත් මෙම අර්බුදයට හේතු වූ කාරණා ඉවත් කිරීමේදී පාලකයින් ගෙදර යැවීමත් නව ක්‍රමයක් ස්ථාපිත කිරිමත් (New system establishment) කරන ක්‍රමවේදය පිලිබද වැඩ පිලිවෙලක් ප්‍රකාශයට පත් වී නොමැත. එය වහාම පවතින ව්‍යවස්ථා රාමුව තුල ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ප්‍රචන්ඩත්වයෙන් තොරව සිදු කල යුතුමය. එහිදි අප විසින් මේ මොහොතේ රටේ දේශපාලණික ආර්ථික හා සමාජීය ස්ථාවරභාවය ඇති කිරීම සදහා අවශ්‍ය වන ප්‍රධාන අංශ 10 ක් හෝ 15 ක් හදුනාගත යුතුය. එම අදාල අංශ හරහා විද්වත් මණ්ඩල පක්ෂ පාට භේදනයකින් තොරව පත් කර ගත යුතුය. එම කමිටු ඒ ඒ ක්ෂේත්‍ර සදහා කෙටිකාලින මධ්‍යකාලින හා දිගුකාලින විසදුම් කාල රාමු සහිතව ඉදිරිපත් කල යුතු අතර එම යෝජනා මාලාව ජනතාව අතරට ගෙන ගොස් ඔවුන්ගේ අදහස් ලබා අවසන් ලියවිල්ලක් “ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයක්” ලෙස ඉදිරිපත් කොට එය පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කල යුතු බව මහජන නියෝජිතයින්ට බල කල යුතුය. මෙම අංශ 10 හෝ 15 සදහා තාවකාලීක ඇමති මණ්ඩලයක් සර්ව පාක්ෂිකව ඒකමතිකභාවයෙන් පත් කර ගත යුතු අතර අවශ්‍ය දක්ෂතාවය ඇති පිරිස් පාර්ලිමේන්තුව තුල නොමැති නම් ජාතික ලැයිස්තුව හරහා අදාල පිරිස් පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් ඔවුන්ට මෙම වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීම සදහා නායකත්වයක් ලබා දීම කල හැක.
ඕනෑම ඇමති තනතුරක් භාර ගන්නා පුද්ගලයෙක් කල යුතු වැඩලිපිවෙල ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව ඉදිරිපත් කල යුතු අතර නිශ්චිත කාල රාමුවක් තුලදී අදාල අංශ වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට ජාතික විගණනයකට අනුගතව කල යුතුය. එහිදී ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුගත ප්‍රගතිය පෙන්විය නොහැකි ඇමතිවරුන්ට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මෙන්ම ඇමති ධූරයෙන් ඉවත් කිරීම හා රටට සිදු වූ පාඩුව අදාල පුද්ගලයින්ගෙන් හෝ වගකිව යුතු කණ්ඩායමෙන් අයකර ගැනීමේ ක්‍රමවේදයක් මෙම පාර්ලිමේන්තුව තුලින්ම සම්මත කර ගත යුතුව ඇත.
එවිට ඇමතිධුර ලබා ගැනිම හුදු වරප්‍රසාද ලබා ගන්නා ක්‍රමවේදයක් නොව වගකීම් සමුදායක් රට වෙනුවෙන් ඉෂ්ඨ කිරීමේ භාරධූර කාර්යයක් වනු ඇත. ඒ හරහා එම හැකියාව හා කැපවීම නැති පිරිස් පමණක් මෙම තනතුරු වලට පත්වීම වැලැක්වීමටත් ඒ හරහා සැබෑ ලෙසටම රටට ආදරය කරන, සේවයක් සදහා කැපවෙන පිරිස් රටේ පාලනයට වගකීමක් සහිතව පත් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ ආකාරයට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වාම අවම සුදුසුකමක් සහිත අවම ප්‍රමිතියක් මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත යුතුව ඇත. එවිට පාර්ලිමේන්තුව සැබෑ ලෙසටම උත්තරීතර වනු ඇත. මුදල් හම්බ කිරීම වෙනුවට රට දියුණු කිරීමට කැපවිමක් සහිත පිරිස් පාර්ලිමේන්තුවට පැමිනෙනු ඇත. ඒ හරහා අවශ්‍ය කරන පද්ධති වෙනස (System Change) සිදු කෙරෙනු ඇත.
මෙම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දැක්විම සදහා වැඩ පිලිවෙලක් ආරම්භ කිරීමටත් එම වැඩ පිලිවෙල සකස් කිරීම සදහා රටට ආදරය කරන ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වතුන් සම්බන්ධිකරණය සිදු කිරීමත් ඒ හරහා අර්බුදයට හේතු වූ කාරණා ඉවත් කරගන්නා මාර්ගය එළිදැක්විමත් ඊට අවශ්‍ය නිති සම්පාදනය කිරීම සදහා ජනතා සහයත් ලබා ගත යුතුව ඇත. ඒ තුලින් ජනතා අරගලය රට ස්ථාවර කරන ජයග්‍රහණයකින් අවසන් කල හැකි වනු ඇත. මෙම ඇති කරන වැඩ පිලිවෙල රට දිනවන තෙක් රැගෙන යන තුරු සමස්ථ ජනතාව අවදියෙන් සිටිය යුතුමය. ඒ සදහාද යාන්ත්‍රණයක් සකස් කර ගත යුතුමය.
එකමුතුකමින් හා සංයමයෙන් ප්‍රතිපත්ති ගරුකව අරගල කර රට දිනවමු.
වෛද්‍ය නවීන් ද සොයිසා
සහකාර ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය