26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඑක අරමුණක් වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණ රොද බැඳ සිටින ජනතාව ජනාධිපති කාර්යාලය...

එක අරමුණක් වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණ රොද බැඳ සිටින ජනතාව ජනාධිපති කාර්යාලය අසල පවත්වන විරෝධාතවට අදට දින 05 කි.

ඊයේ රාත්‍රියේත් වැසි නොතකමින් ජනතාව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූයේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.

දේශපාලන පක්ෂ පාට අමතක කොට ලක් මවගේ අභීත පුත්‍රයන් ලෙස විරෝධතාවයට එක්ව සිටින මේ පිරිසට මහා සංඝරත්නය , කලාකරුවෝ සහ නීතිඥවරු ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනයේත් සහය පළ කළහ.

මේ අතර කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව රටේ පවතින තත්වයට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා ද තවදුරටත් අඛණ්ඩව පැවැත්වේ.‍

ඌව පරණගම මස්පන්න නගරයේදී ජනතාව සහ ගොවීන් විරෝධතාවක නිරත විය.

බණ්ඩාරවෙල නීතීඥයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් ඊයේ බණ්ඩාරවෙල නගරයේදී පැවැත්විණ.

ඔවුහු බණ්ඩාරවෙල අධිකරණයේ සිට බණ්ඩාරවෙල බස් නැවතුම්පළ දක්වා පා ගමනින් පැමිණ විරෝධය පළ කළහ.

රටේ පවතින ආර්ථික අර්බුදයට වහා විසඳුම් දෙන්නයි ඉල්ලමින් දෙණියාය නගරයේදී ද ඊයේ විරෝධතාවක් පැවැත්විය.

වයඹ ඉංජිනේරු සංගමය කුරුණෑගල නගරයේදී විරෝධතාවක නිරත විය.

මේ අතර මහනුවර නගරයේද ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් පැවැත්විණ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments