ගිනිගත්හේන පොලිස් වසමේදි (15) ගල්පොතුයාය ප්‍රදේශයේ නිවසක නිසි අවසර පත්‍රයක් නැතිව නීති විරෝධිව ගෑස් සිලින්ඩර් තොගයක් සඟවා ඇති බවට ගිනිගත්හේන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත විමර්ශන සිදුකර ඇත.
ඒ් අනුව පොලිසිය විසින් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද කැඳවා ඔවුන්ගේද සහය ඇතිව අදාල නිවස පරීක්ෂා කර බලා බලපත්‍ර රහිතව අනවසරයෙන් සඟවා තිබු විවිධ ප්‍රමාණයේ ලීට්‍රෝ වර්ගයේ පුරවන ලැබු ගෑස් සිලින්ඩර දෙසිය තිහක් හා හිස් ගෑස් සිලින්ඩර් තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙනතිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්පොතුයාය, බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකි.
එහිදි කිලෝග්‍රෑම් 12.5යේ පුවරවනු ලැබු සිලින්ඩර 177ක්, කිලෝග්‍රෑම් 5යේ ප්‍රමාණයේ පුවරවනු ලැබු සිලින්ඩර 28ක්, කිලෝග්‍රෑම් 2.4 ප්‍රමාණයේ පුරවන ලැබු ගෑස් සිලින්ඩර 25ක්, කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ හිස් ගෑස් සිලින්ඩර 03ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නඩුව ලබන (19) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවීමට නියමිත අතර සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදුකරනු ලබයි.