පොලිස් විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් (15) එම පොලිස් වසමේ භාරතිපුරම් ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් මි.ග්‍රෑම් 2,025ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.
කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ භාරිතිපුරම් ප්‍රදේශයේ වැටලිමක් සිදුකර හෙරොයින් මි.ග්‍රෑම් 2,006ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අනුරාධපුර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ඇලයාපත්තුව පොලිස් වසමේ මහමාංකඩවල සියඹලාපනත රජයේ කැලෑම තුලදි වැටලීමක් සිදුකර එහි අනවසරයෙන් රජයේ කැලෑව තුලට ඇතුළුවි පෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු සෙවීමේ අදහසින් හා වටිනා ඛනිජ ලබා ගැනීමේ අදහසින් අනවසරයෙන් කැණීම්කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇලයාපත්තුව පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් ගලහා පොලිස් වසමේ නිල්ලඹ ගුරුකැලේ ශ්‍රී බෝධිරාජාරාමය අසලදී වැටලිමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,530ක් හා මුදලින් රුපියල් එක්දහස් පන්සීයක් ළඟ තබාගෙන සිටි අයකුඅත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගලහ පොලිස් ස්ථානව වෙත භාරදි ඇත.

