පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට විමර්ශකයින් සහ නීතිපති දෙපාර්තමේන්තුව කැපවීමෙන් කටයුතු කරන්නේ නම් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වගඋත්තරකරුවන් කළ පුද්ගලයින් නිදොස් කොට නිදහ් වන්නේ කෙසේදැයි කතෝලික සභාප ප්‍රශ්න කරයි.
පාස්කු ප්‍රහාරයේ වත්මන් විමර්ශන සම්බන්ධයෙන් ඉකුත්දින ආරක්ෂක ලේකම්වරයා පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකට ප්‍රතිචාර දක්වමින් එම සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා (14) මෙසේද කීය…..දේශපාලන නායකයින්ව මෙම චෝදනාවලින් බේරගැනිමට රාජ්‍ය සේවකයකු හැටියට ආරක්ෂක ලේකම්ට තිබෙන සදාචාරාත්මක අයිතිය ,වුවමනාව කුමක්ද. පාස්කු ප්‍රහාරය දේශපලාන කුමන්ත්‍රණයක් කියන එක පිළිබඳ නොයෙකුත් චෝදනා තිබෙනවා. එසේ නොවේ කියලා කියන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සිදුකර තිබෙන විමර්ශන කුමක්ද?.එහෙම කියන්න තිබෙන වාර්තා කෝ. පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීමට අන්තර්ජාතික ඔත්තුසේවා වල සහය පැතුවා නම් මේ පිළිබඳ මුලින්ම අනතුරු හැඟවු නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මහතා අතට පත් කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ තොරතුරු අරගෙන පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි.
පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට චෝදනා, නඩුගොනු කිරීම බොහෝම ප්‍රවේශමෙන් කැපවීමෙන් කාලය වැය කරලා ක්‍රියා කළා කියලා මෙම ප්‍රවෘත්ති සාකච්ඡවේදි කියනවා.එහෙම කළානම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් ඒ්ක වළක්වා ගැනීමට කටයුතු නොකර සිය රාජකාරිය බරපතල ලෙස පැහැර ඇරිය කොමිසමේ නම් කර තිබෙන අයව කොහොමද අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වෙන්නේ. ආරක්ෂක ලේකම්ට තවත් ප්‍රශ්න රැසක් කතෝලික සභාවෙන් ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කර තිබේ.