පොලිස් විශේෂකාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරි පිරිසක් (16) එම පොලිස් වසමේ මැණික්දෙන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් පෙරීමට උපයෝගි කරගන්නා ගෝඩා ලීටර්195යි, යකඩ බැරල් එකයි, තඹ දඟරයක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත.
හපුතලේ කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ හපුතලේ වත්ත, නව නිවාස අස තේඉඩම යන ස්ථානයේදි වැටලිමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් නවයක් අයකු සමග අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව එම පොලිස් වසමෙ කිඩපොළ හංදිය ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 530ක් ළඟ තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල පොලිස් ස්ථාන වෙත භාරදි තිබේ. අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට අනුරාධපු ගුවන් හමුදා බුද්ධි ඒ්කකයෙන් ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් ගිරිබාව පොලිස් වසමේ පහල ගිරිබාව වැටලීමක් කර කැබලි කරන ලද ඔෘෂධීය කොතලහිඹුටු කිලෝ තුන්සීයක් අත්අඩංගුවට ගෙන තිබේ.

