24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsරඹුක්කන සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් ලොක්කන් 3කට ස්ථානමාරු.

රඹුක්කන සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් ලොක්කන් 3කට ස්ථානමාරු.

රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට, කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

මෙම සිදුවීමේදී අගතියට පත් පාර්ශවයන්ට හා සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලට සහ අධිකරණ කටයුතුවලට සහභාගිවීම සඳහා මේ පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මේ අතර, රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යෑම ගැන සිදු කරන විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments