28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedරඔුක්කන විරෝධතාවයේදී සිදුවූ වූ මරණය ගැන පුර්ණ විමර්ශනයක්

රඔුක්කන විරෝධතාවයේදී සිදුවූ වූ මරණය ගැන පුර්ණ විමර්ශනයක්

පසුගිය 2022.04.19 වන දින රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්වීම සම්බන්ධව අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර ඇත.

මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ. බි. චමින්ද ලක්ෂාන්  නමැත්තා මිය ගිය අතර, උක්ත විමර්ශනය අපරාධ නඩු  විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන දින 03ක් ඇතුලත අතුරු වාර්තාවක් ලබා දෙන මෙන් පොලිස්පතිවරයා දන්වා තිබේ.

මරණයට පත්වූ අයගේ අවසන් කටයුතු 2022.04.22 දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතය. දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන මෙන් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව මහජන  ආරක්ෂක පනතේ 12(1) වගන්තිය යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇත. 2022.04.23 දින දක්වා දේවාලේගම, රඔුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශ වල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments