නීති විරෝධී ලෙස MANCHESTER වර්ගයේ දුම්වැටි ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 1 හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටීම් සිදුකර තිබේ. එහිදි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ආර්.ජි.එච්.යු බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) මීගමුව ප්‍රදේශයේ දී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සෞඛ්‍යමය, රූපමය අවවාද රහිත මෙරට භාවිතය සඳහා තහනම් රුපියල් ලක්ෂ තුනක් (300,000.00)පමණ වටිනා MANCHESTER වර්ගයේ දුම්වැටි 6,000 ක් ළඟ තබාගෙන වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය සිදුකළ තවත් වැටලීමදි මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන අවියක්විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පුවරසන්කුලම් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ඒ.පී.ඩී.ජී. රාජරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) වෙලන්කුලම් රක්ෂිතයේ දී මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ටී.බී. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) වැලිමුවපොතාන ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

