26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsසමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරන ඇත්දළ ‌පිළිම ජාවාරමක් එස්.ටී.එෆ්.සොයාගනී.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරන ඇත්දළ ‌පිළිම ජාවාරමක් එස්.ටී.එෆ්.සොයාගනී.

සමාජ ජලා මාධ්‍ය භවිතා කරමින් ඇත් දළ වලින් නෙළන ලද රැජිණකගේ රුවක් පිළිබිඹු වන ආකාරයෙන් නෙළා ඇති පිළිමයක් ජාවාරම් කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයෙහි නිලධාරීන්ට මුලතිව් කඳවුරේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) මාපලාන, ශ්‍රී පලාබද්දල, රත්නපුර ප්‍රදේශයේ දී FACEBOOK සමාජ ජාලා මාධ්‍ය යොදා ගනිමින් මිල අධ්ක ඇත් දලවලින් නෙළන ලද රැජිණකගේ රුවක් පිළිබිඹු වන ආකාරයෙන් නෙළා ඇති උස අඟල් 11, බර කිලෝ 01 ග්‍රෑම් 598 ක් බරැති පිළිමයක් ඉතා සුක්ෂම ලෙස ජාවාරම් කිරීමට තැත් කල මාපලාන, ශ්‍රී පලාබද්දල, රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සිරිපාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments