22.7 C
Sri Lanka
Monday, June 23, 2025
HomeUncategorizedඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Gharial’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Gharial’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත්  ‘INS Gharial’ නෞකාව (29) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Gharial’ නෞකාව දිගින් මීටර 124.8 හා 170 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් සුනිල් එස් පටිල් (Sunil S Patil) කටයුතු කරනු ලබයි.  

 ‘INS Gharial’ නෞකාවේ අණදෙන නිලධාරී සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අතර නිළ හමුවක් අද (2022 අප්‍රේල් 29) පස්වරුවේ බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇත. මෙම නිළ හමුවේදී, ‘INS Gharial’ නෞකාව මඟින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ අත්‍යාවශ්‍ය ‍ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් නිළ වශයෙන් භාරදීමටද නියමිතව ඇත.

තවද, ‘INS Gharial’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමෙන් අනතුරුව, එම නෞකාව 2022 මැයි මස මස 01 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

????????????????????????????????????
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments