ලෝකවාසි කම්කරු ජනතාව තවත් අභිමානවත් කම්කරු දිනයක් අද (01) සමරති. මෙවර එකසිය තිස් හයනවන කම්කරු දිනය සමරන වැඩකරන ජනතාව කොවිඩ්19 හෙවත් නවකොරෝනා වෛරස ගෝලීය වසංගතයයෙන් පසු ලෝකයේ ඇතිවි තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රැකියා සුරක්ෂිතභාවය,ශ්‍රමයට සරිලන වැටුපක් ලබා ගැනීම ඇතුළු අභියෝග රැසකට මුහුණ දී සිටිති.
වසර 1886දි අමෙරිකාවේ චිකාගෝ නගරයේ කම්කරු විරෝධතාවයකට ප්‍රහාරයක් එල්ල කර මර්දනය කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් වසරක් පාසා මැයි(01) කම්කරු දිනය සමරනු ලැබේ. වසර 1933 සිට මෙරට ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවද කම්කරු දිනය සැමරීමට එක්වි සිටින අතර එමෙන්ම ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව රට මුහුණ පා ඇති දැඩි අර්ථික අර්බුදය හා දේශපාලන අස්ථාවභාවය හමුවේ තම රැකියා ආරක්ෂා කර ගැනීම අහස උසට නගින ආහාරපාන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිලගණන් යටතේ ජීවිතය ගැටගසා ගැනීමේ දැඩිදුෂ්කරතාවයකට පත්ව සිටිති.
ඒ් වෙනුවෙන් වෘත්තීය සමිති වැඩි සංඛ්‍යාවක් දැනටමත් විවිධ විරෝධතා ආරම්භ කරමින් උද්ඝෝෂණ, සංකේත එක්දින වැඩවර්ජන හා ලබන (06) හර්තාල් කිරීමටද පෙළඹි සිටිති.
මේවනවිට ලොව පුරාද අත්‍යාවශ්‍ය ආහාර හා භාණ්ඩ හිඟයක් පිළිබඳවද ලෝක බැංකුව අනතුරු හඟවා ඇත.