21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අධ්‍යාපන පුවත්අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 සිට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 සිට


අර්බුදකාරී පරිසරය නිසා පැවැත්වීමට නොහැකි වූ 2021 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මැයි මස 23 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ ඉදිරි විභාග කටයුතු මැයෙන් අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මේ බව පැවසුවේ ය.
උසස් අධ්‍යාපන ක්‍රියාවලිය අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද පවත්වාගෙන යන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා කීය. විශ්ව විද්‍යාල ස්වාධීන කිරීම, උපාධිධාරීන්ගේ විෂය පථය ගැඹුරු කිරීම, උපාධිධාරීන්ගේ විෂය පථය ශ්‍රී ලංකා සමාජයට හා සෙසු ලෝකයට යෝග්‍ය පරිදි වෙනස් කිරීම යන නව යෝජනා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
ඉදිරි කාලය තුළ පාසැල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම්කර ඇත. වාර 3ම ආවරණය වන පරිදි අධ්‍යයන කටයුතු කිරීමට නියමිත ය. මෙම වසරේ ඔක්තෝබර් 16 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමටත් ඔත්තෝබර් 17 සිට නොවැම්බර් 12 දක්වා අ.පො. ස උසස් පෙළ විභාගය පැවැත්වීමටත් නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන විභාග සඳහා අවශ්‍ය සියලු කඩදාසි ප්‍රමාණවත් තරම් පවතී. රට තුළ කුමන අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේ දී පැවැතුණ ද විභාග කල් නොදැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන පහසුව සඳහා ළඟම පාසලට අනුයුක්ත කිරීමට කරන ලද ඉල්ලීම පිළිබඳව සොයා බලා ඉදිරියේ දී ක්‍රමවත් සැලසුමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments