21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මාස තිහෙන් රට බංකොලොත් කළේ කවුද? විපක්ෂ නායක සජිත් ගලිගමුවේ දී හෙළි...

මාස තිහෙන් රට බංකොලොත් කළේ කවුද? විපක්ෂ නායක සජිත් ගලිගමුවේ දී හෙළි කරයි.

හිතාදර මිත්‍රවරුනි, 

මාස 30ක් ඇතුළත මේ රාජපක්ෂ පවුල මේ රට බංකොළොත් කළා. මේ රට විනාශ කලා. අද අපේ රට ලෝකයා හඳුන්වන්නේ බංකොලොත් ආණ්ඩුවක්, රජයක්, රටක් හැටියට. අපේ රට බංකොලොත් වුණේ වෙන මොන හේතුවක් නිසාවත් නෙවේ මේ රටේ ජාතික ධනය, ජාතික දේපළ, ජාතික සම්පත හොරා කාපු නිසා. මම එදා ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි, හොරු අල්ලන වැඩසටහනයි අපි භාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒවගේ කිසි වෙනසක් නැහැ. හොඳින් මතක තියාගන්න හොඳ ගමනක් යනකොට එක එක අය ඉන්නවා, බොහෝ විට තනි පුද්ගලයන් ඉන්නවා, සමාජ මාධ්‍යවල බොරු දාලා මිනිස්සු නොමග යවලා මේ එක එක ගැටුම් නිර්මාණය කරන්න. හොඳට මතක තියාගන්න මේ සජිත් ප්‍රේමදාසව මගේ පක්ෂයේ කිසි කෙනෙක් එක්ක කොටවන්න කාටවත් බෑ. හැබැයි මම එක දෙයක් කියනවා. දියුණු රටක හොරු අල්ලන්න තනියෙන් හිටගන්න පුළුවන් ආණ්ඩු වෙනස් වෙනකොට වෙනස් නොවන ප්‍රබුද්ධ , ප්‍රසස්ථ රාජ්‍ය ආයතන ස්වාධීනව පිහිටුවන්නට ඕන. ඒ දූෂණ වංචා මැඩලන ඒ ආයතන පාර්ලිමේන්තු අණපනත්වලින් වෙනස් කරන්නට බැරිවෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ Entrench crosses හැටියට අපි ස්ථාපනය කරනවා. ඒවා වෙනස් කරන්න නම් 2/3ක් ඕන. ජනමත විචාරණයකුත් ඕන. හැබැයි මේ වෙලාවේ මම කියනවා මේ රටේ තිස් වසරක අවසන් කරපු ඒ වීරෝධාර රණවිරුවට අපි එය භාරදෙනවා, මම භාරදෙනවා මේ රටේ මහජන දේපළ, මහජන සම්පත හොරාකාපු සූරාකාපු ඒ හොර කණ්ඩායම, ඒ හොර හැත්ත අධිකරණය ඉදිරියට ගෙනියලා මේ රටේ මිනිස්සුන්ගේ ඩොලර් ටික, පවුම් ටික, යුරෝ ටික මේ රාජ්‍ය දේපළ ජනසතු කර ජනතාවට අරන් දෙන යුගය බිහි කරනවා. 

හිතාදර මිත්‍රවරුනි,

අර බංකොලොත් වෙච්ච පොහොට්ටු කාරයෙක් පෙරේදා එකක් කියලා ඊයේ මගෙන් හොඳට අහගත්තා. ඉල්ලන් කෑවා. එකක් මතක තියාගන්න මේ සමගි ජන බලවේගයේ අපි කිසිම කෙනෙකුට කාත් එක්කවත් පුද්ගලික ඩීල් නෑ. හැබැයි අපිට එක ඩීල් එකක් තියෙනවා. ඒ තමයි මේ රටේ ලක්ෂ 220ක් එක්ක තියෙන සමාජ, දේශපාලන ගිවිසුම. අපි ඒක මොන හේතුවකටවත් කඩ කරන්නේ නෑ. අද අපිට කියනවා අන්තර්වාර පාලන ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න කියලා. තමුන්නාන්සේලා කැමතිද? විරුද්ධ අය අත ඔසවන්න. මම කියනවා ජනමාධ්‍යෙව්දීතුමන්ලට. මේ අන්තර්වාර පාලනයට විරුද්ධව එසවෙන අත් පෙන්වන්න මුළු ලංකාවටම.

මිත්‍රවරුනි, මාස 30ක් රට කාලා හොරා කාලා කෝටිපතියන්ට බදු සහන දීලා රටේ ජාතික දේපල, උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර එක් එක් රටවලට විකුණපු හොර හැත්තත් එක්ක අපිට අන්තර්වාර පාලන කරන්නෙ නෑ. අර හැමදාම පොඩ්ඩක් ප්‍රවෘත්ති බලනකොට දැන් යනවා විගඩ නාඩගම අමුතුම ටෙලිඩ්‍රාමාව ජනාධිපතිවරයා කියනවා අගමැති අයියේ ගෙදර යන්න ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න, අගමැතිවරයා කියනවා ජනාධිපති මල්ලියා කවදාවත් මට යන්න කියන්නේ නෑ. මල්ලියා මාව රැකගන්නවා. මොන විහිලුද? මේ විහිලු නාඩගම යනකොට ජනතාව පාරේ දුක්විදිනවා. ජනතාවට කන්ඩ නෑ, ජීවත් වෙන්න නෑ. තෙල්ටික, කිරි පිටි, ගෑස් නෑ. ඊයේ පෙරේදා සිමෙන්ති කීයකින් නැංවුවද? ගෑස් කීයකින් වැඩිවුනාද? මේ වගේ රටකට වින කරපු මේ කාලකන්නි හැත්ත අපි මැරබලයෙන් ගෙදර යවන්නේ නෑ. අපි ගෙදර යවන්නේ ජන මතයෙන්, ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් කියලා ප්‍රකාශ කරනවා. ආදරණීය ඔබ සියලු දෙනාට අපිත් එක්ක කොළඹටම යන්න ආරාධනා කරනවා. ලංකාවට, මාතෘ භූමියට ජය !!!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments