26.8 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය, මත්පැන්, වැලි, දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය, මත්පැන්, වැලි, දැව ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන සිය දෛනික වැටලිම් වලදි (28) රත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් තෙලිකඩ පොලිස් වසමේ පඹකැටියගොඩවත්ත,මාජුවාන කෙරදෙවලයන ස්ථානයේදී විදේශීය රටක නිෂ්පාදන ෂෝට්ගන් වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් උප්පුවේලි පොලිස් වසමේ ගාන්ධිනගර් ප්‍රදේශයේදි හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සහ පොතුවිල් වනඅඩවි නිලධාරි කණ්ඩායමක් සමග ඒ්කාබද්ධව පොතුවිල් පොලිස්වසමේ සිදුකරන ලැබු වැටලීමකදි නීති විරෝධි ලෙස සෙංගමුව උඩගොඩ වැව ප්‍රදේශයේ රජයට අයත් අක්කර 1/2ක පමණ කැලෑ ප්‍රදේශයක් එළිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවෙට ගෙන තිබේ. පස්සර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බදුල්ල පොලිස් වසමේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ අම්පාර හන්දිය රුහුණු පුතා වයින් ස්ටෝර්ස් ආසන්නයේ තිබි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරනවා සැකසහිත යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබේ. හපුතලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ ග්ලෙනනෝර් වත්ත . හපුතලේ යන ස්ථානයේදි නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කුලියාපිටිය පොලිස් වසමේ යාය ඉහල ගොමුගොමුව ප්‍රදේශයේදි නීති විරෝධි මත්පැන් හා නීති විරෝධි මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පල්ලම පොලිස් වසමේ දැදුරු ඔය රක්ෂිතයේ දැදුරුඔය සම්පත් මංකඩ ප්‍රදේශයේ දි ඉවුර ඛාදනය වන පරිදි වන පරිදි වැලිකැණීම් කර ලොරි රථයකට පැටවීම සූදානමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක්ගෝඩා සහ මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කෝපායි පොලිස් වසමේ පලාලි උරුම්බිරායි මාර්ගයේ මඩත්තඩි ප්‍රදේශයේදි තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි තොගයක් ළඟ තබාගෙන විකුණමින් සිටි පුද්ගයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් දෙහිඔ්විට පොලිස් වසමේ යුගතන්ගාව රක්ෂිතයට ඇතුළුවි නීතිවිරෝධි ලෙස දැව කැපීම හා ඉරිම සිදුකළ දෙදනකුඅත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් තෙල් දෙණිය පොලිස් වසමේ ගඟ පිටිය ටැමරන් හෝටලය අසලදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments