පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින රැළිය කොළඹ විහාරමාදේවී උද්‍යානයේ පැවැත්විණි. කම්කරු අරගල මධ්‍යස්ථානය වෙනුවෙන් දුමින්ද නාගමුව, ගොවි අරගල ව්‍යාපාරය වෙනුවෙන් විමල් වත්තුහේවා, විප්ලවවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් මංගල මද්දුමගේ, වෙනසක තාරුණ්‍යය සංවිධානය වෙනුවෙන් ලහිරු වීරසේකර, ඒකාබද්ධ ගුරුසේවා සංගමය වෙනුවෙන් සංජීව බණ්ඩාර, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වෙනුවෙන් හේමමාලි අබේරත්න යන සහෝදර සහෝදරියන්ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාද රැළිය ඇමතූහ.



