දැනටමත් දරුවන් පන්දහස් තුන්සිය තිස්හයක් පෝෂණය කොට අධ්‍යාපනය ලබාදී සමාජගත කර තිබෙන අතර එම දරුවන් විදෙස්රටවල්වලද ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ හා තවත් උසස් රැකියාවල නිරතව තම ජීවින කටයුතු පවත්වාගෙන යන අතර මෙම ළමා නිවාසය තවතව දරුවන් ප්‍රමාණය වැඩිකරමින් දරුවන් රැල බලාගනිමින් පෝෂණය කොට අධ්‍යාපනය ලබාදෙමින් එම කාර්යන් ගෙනයමින් සිටියි.
ගර්භනී මාතාවන්ට පෝෂණ මලු හා නව ජන්ම දරුවන්ට අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් පරිත්‍යාග කිරීම ඒවා අතර කිහිපයකි. එමෙන්ම ප්‍රදේශයේ පාසැල්වල දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය අභ්‍යාස පොත් පාර්සල් අටසීයක් පමණ බෙදාදීමද ඉකුත්(29) සිදුකෙරිණි.
ළමා රැකවරණ මධ්‍යස්ථාන කිහිපයකම දරුවන් රැසක් සඳහා උදේ, දහවල්, රාත්‍රී ආහාර පිළිගැන්වීමට ද කටයුතු සංවිධානය කරමින් පවතී. 1983 ආරම්භ කළ කෝට්ටේ වජිර ශ්‍රී ළමා සංවර්ධන මධ්‍යස්ථානය එහි නිර්මාතෘ හා විධායක අධ්‍යක්ෂ හුණුපලගම වජිර ශ්‍රී නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා අනුව මෙම සමාජ සද්කාරක වැඩසටහන් මෙහෙයවති.
එහිදි ඇල්ලේ ගුණවංශ නාහිමායෝ හා හුණුපලගම වජිර ශ්‍රී නාහිමියෝ එක්ව ගැබිණි මවකට අධාර ලබාදුන් අයුරු මෙහි දැක්වේ.