29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedනීතිවිරෝධිව මෙරටට ගෙන්වන ඖෂධ ජාවාරමක් එස්.ටී.එෆ්. සොයාගනී.

නීතිවිරෝධිව මෙරටට ගෙන්වන ඖෂධ ජාවාරමක් එස්.ටී.එෆ්. සොයාගනී.

විදෙස් රටවල සිට හොර රහසේ ඖෂධ නියාමන කොමිසමට පටහැනිව වෛද්‍ය නිර්දේශයන් නොමැතිව මෙරටට ආනයනය කරන ලැබු පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) මැදවච්චිය පොලිස් වසමේ සී.පී. ටවුන්, රජරට සිනමා හල ඉදිරිපිටදී විදෙස් රටවල සිට හොර රහසේ ඖෂධ නියාමන කොමිසමට පටහැනිව හෙරොයින් භාවිතා කරන පුද්ගලයන් හට වෛද්‍ය නිර්දේශයන්ට අනුව ලබාදෙන වේදනා නාශක මත්පෙති (PREGABALIN) 60 ක් මෙරටට ආනයනය කර ජාවාරම් සිදුකල මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments