29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනතාව වෙනුවෙන් සියළු කැපකිරීම් කරනවා - සමගි ජන බලවේගය ගනු ලැබූ ප්‍රගතිශීලී...

ජනතාව වෙනුවෙන් සියළු කැපකිරීම් කරනවා – සමගි ජන බලවේගය ගනු ලැබූ ප්‍රගතිශීලී තීන්දුව ගැන විපක්ෂ නායක සජිත් කියයි.

මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය සහ සමග ජන සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ විසි එක් වෙනි සංශෝධනය ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකතුමා වගකීම සහ වගවීම හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගොඩනැඟිය යුතු බවද පැවසීය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනාවලියත්, සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති විසි එක් වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවයක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ යෝජනා පදනම් කරගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර බව රැසක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

පවත්නා අර්බුදයට ප්‍රමුඛතම හේතුව වන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය බව පැවසූ විපක්ෂ නායකතුමා එය වහාම අහෝසි කළ යුතු බවද පැවසීය. සත්කාරක පාර්ශවයක් ලෙස මේ කටයුත්තට මැදිහත් වන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, රටට ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දීම වෙනුවෙන් සමගි ජන බලවේගය තබන ප්‍රගතිශීලී වෑයමට සහයෝගය ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකතුමා මේ අදහස් ප්‍රකාශ කළේය.
මේ මොහොතේ වැදගත් වන්නේ ඔටුනු හෝ තනතුරු පළඳවා ගැනීමට නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා වැදගත් වන්නේ සමාජ හා ජාතික වගකීම ඉටුකිරීම බවද පැවසීය. ඒ වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කිරීමට තමන් සූදානම් බවද ඒ මහතා පැවසීය. රට ඉදිරියට යෑමට නම් විසි එක් වෙනි සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් වහාම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා ඒ මත පදනම්ව ඕනෑම අභියෝගයක් බාර ගන්නා බවද පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments